ඒෙතිහාසික මැදිරිගිරිපුරවරයේ හදවත බඳු වූ කවුඩුලු වැවේ නිල්දිය දහරින් පෝෂණය වන ගොවි දරුවන්ගේ ගුණනැණ වඩවන කවුඩුලු වැව මහින්ද විදු මාතාව අප ප්‍රදේශයේ පාසල් අතුරින් කීර්තිමත් පාසලක් බව නොරහසකි. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තනන ලද මෙම පාසල ඉඩම් වාරිමාර්ග හා විදුලිය පිළිබඳ ගරු ඇමති සී.පී ද සිල්වා මැතිතුමා විසින් වර්ෂ 1969 පෙබරවාරි හත දින විවෘත කරන ලදී. W.E.A. ප්‍රනාන්දු මැතිනිය අප පාසලේ ප්‍රථම විදුහල්පතිනිය වශයෙන් තනතුරු දරන ලදී. ඉන් පසු අධ්‍යාපන හා තරුණ කටයුතු පිළිබඳ ඇමති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් 1982.9.30 දින මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් තත්ත්වයට උසස් කරන ලදී. ඉන්පසු 2019 වර්ෂයේ සජිත් ධර්මසේන විදුහල්පතිතුමාගේ කාලවකවානුව තුළ ගණිත විද්‍යා උසස් පෙළ විෂයන්ගේ ආරම්භය නිසා මෙම පාසල 1 ඒ බී වර්ගයේ පාසලක් ලෙස උසස් කරන ලදී. පසු පාසල් දහසක් ව්‍යාපෘතිය යටතේ කවුඩුළුවැව මහින්ද මහා විද්‍යාලය 2021 වර්ෂයේ කවුඩුළුවැව මහින්ද ජාතික පාසල බවට පත් විය. මේ වනවිට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 43 වන අතර අනධ්‍යයන කාර්යය මණ්ඩලය 6 දෙනෙකුගෙන් සමන්විතය. පාසලේ සිසු දරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළට ඔසවා තැබීමට එම කාර්යමණ්ඩලයෙන් ලැබෙන සහාය ඉතා අගය කොට සැලකිය හැක.
|
ආරම්භ කළ වර්ෂය |
1967 පෙබරවාරි 07 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
65 |
|
මුල් ගුරුතුමාගේ නම |
එච්.ඒ්.කේ. රෝහණතිලක මැතිතුමා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කවුඩුල්ල විද්‍යාලය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
අයි.ජී. රත්නපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
බී. සෝමාවකී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1967 පෙබරවාරි 07 |








