උතුරු මැද පළාතේ පොළොන්නරු පුරවරයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මැදිරිගිරිය ගොවිජනපදයේ රන්තිසා වැවෙන් පෝෂණය වන අහිංසක ගොවි අම්මා අප්පච්චිලාගේ දූ පුතුන්ගේ ගුණ වඩන අකුරු කරන ප්‍රදේශයේ දීප්තිමත් පාසලකි මෙය. පෙර අතීතයේ සිට වර්තමානය දක්වා මෙම පාසලේ අධ්‍යාපනයෙන් පෝෂණය වූ දරුවන් සමාජයේ විවිධ කණ්ඩායම් අතර නායකත්ව දරමින් මහඟු කාර්යයක් ඉටු කරයි. එමෙන්ම මෙහි දරුවන් නැණවත් ගුණවත් යහපත් බෝසත් දරුවන් බවට පත් කිරීමට වර්තමාන ඇඳුරු මඩුල්ලට හැකියාව ලැබී ඇත. දරුවන්ගේ අධ්‍යායන කටයුතු සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවෙිදන තාක්ෂණ විෂය ප්‍රචලිත කිරීමට එහි කාර්යෙහි නියලි ගුරුභවතුන් මහඟු උත්සහයක් හා කැපකිරීමක් කරනු ඇත. ඊට අවශ්‍ය මඟ පෙන්වීම් හා උපදෙස් ලබා දුන් සියළු දෙනාට මම බෙහෙවින් ස්තූතිවන්ත වන අතර දරුවන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දිනම සාර්ථක වේවා කියා මා ප්‍රාර්ථනා කරමි. R.M.මාලනී දිසානායක
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
R.M.මාලනී දිසානායක
නියෝජ්‍ය විදුහල්පති පරිපාලන
පො/කවුඩුලුවැව මහින්ද මහා විද්‍යාලය.








